ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
හැඳින්වීම
අපගේ දැක්ම |
අපගේ මෙහෙවර |
මෙම කොට්ඨාශය,
උතුරින් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් ද
දකුණින් මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද
බටහිරින් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද
නැගෙනහිරින් කඔුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද මායිම් වී ඇත.
කොට්ඨාශයේ වර්ග ප්‍රමාණය හෙක්ටයාර් 6303 ( ව. කි.මී. 63.03) කි. සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් ජාතීන් මෙම කොට්ඨාශය තුල ජීවත් වන අතර මුළු ජනගහනය 34780 කි.
ගොන්ගල කදු ශිඛරයෙන් ආරම්භ වන නිල්වලා නදියේ පහත් බිම් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම කොට්ඨාශය මුහුදු මට්ටමේ සිට අඩි 200 ත් 1400 ත් උස් බිමක පිහිටා ඇත.
මෙම කොට්ටාශය මධ්‍යයේ පිහිටා ඇති වටිනා ශාඛ වලින් යුත් වැලිහේන රක්ෂිත වනාන්තරයද ගිනිකොණ දිශාවට වන්නට පිහිටි ඔලියගම් කැලය හා ඌරුමුත්ත ග්‍රාම නිලධාරී වසමේ උතුරට මායිමව එළමල්දෙනිය රක්ෂිතය වැනි වූ වන වැස්මක් සහිිත ප්‍රදේශ පිහිටා තිබීම පරිසරයේ සුන්දරත්වය ඔප්නැංවීමට හේතු සාධක වේ. මෙම වනාන්තර අතරින් ඔලියගම් කැලයේ අක්කර 500 ක් පමණ වූ භූමි ප්‍රදේශයක ජෛව විවිධත්ව උද්‍යානයක් පිහිටා තිබීම ඉතා වැදගත් වන අතර ශ්‍රී ලංකාවේ පළමු වෙනි ජෛව විවිධත්ව උද්‍යානය වන්නේ ද මෙම වනාන්තරයයි. මෙහි ලෝකයේ ඇති දුර්ලබ හා වදවීමේ තර්ජනයට ලක්වූ ශාඛ විශේෂ ද දක්නට ලැබේ. " විල්පිට දණ්ඩියා " නැමැති ශ්‍රී ලංකාවට ආවේණික වූ මාළු විශේෂය සිටීම ද වන පියසෙහි සුන්දරත්වය වැඩි වීමට හේතුවක් වේ.
ඉපැරණි රජමහ විහාරයක් වන ගොඩපිටිය රජමහා විහාරය මෙම කොට්ඨාශයේ පිහිටා ඇත. සුප්‍රසිද්ධ සව් සද්ධම්වාදයට මුල පිරූ ගංගා රෝහණ වර්නණාවේ මූලාරම්භක ස්ථානයක් වශයෙන් ගොඩපිටිය රජමහා විහාරස්ථානයට අද්විතීය ස්ථානයක් හිමිවී ඇත. පුරාණ නාග ගෝත්‍රිකයන්ගේ දේවාලයක් වන ඌරුමුත්ත දේවාලයද ඓතිහාසික ස්ථානයකි.
දිවයිනේ ප්‍රධාන පැරණි මුස්ලිම් දේවස්ථානයක් වන ගොඩපිටිය පෝර්වෛයි මොහියදීන් මුස්ලිම් දේවස්ථානය මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර, වන්දනා ආඥා පනත යටතේ වාර්ෂිකව සිදු කරන ආගමික උත්සවය නිසා දිවයිනේ මුස්ලිම් බැතිමතුන්ගේ වන්දනා ස්ථානවක් බවට පත්වී ඇත.
විසිවන සියවසේ ලංකාවේ ජීවත් වූ ජන නායකයන් අතරින් දිවංගත දොස්තර සුජීස්වර අබේවර්ධන වික්‍රමසිංහ මහතාගේ උපන් ගම අතුරලිය වේ. ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂය ආරම්භ කර එහි නායකත්වය ගෙන කටයුතු කල එතුමා මෙම පක්ෂයට අයත්වන අකුරැස්ස මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් දීර්ඝ කාලයක් සේවය කිරීම නිසා අතුරලිය ප්‍රසිද්ධියට පත් විය.
1999 සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන් හා ප්‍රාදේශිය උප දිසාපතිවරුන් පිළිබඳ විස්තර | ||
නම | සිට | දක්වා |
ඒ. එම්. විජේසිංහ මයා | 01-01-1999 | 15.01.2005 |
ඩී. ඒ. ඒකනායක මයා | 20-01-2005 | 29. 01.2006 |
බී. රණවීර මයා | 30-01-2006 | 05-06-2007 |
අයි. එස්. සමරකෝන් මයා | 06-06-2007 | 06-01-2013 |
චින්තක අබේවික්‍රම මයා | 07-01-2013 | 13-09- 2013 |
ටී. ජී. සරත් කුමාර මයා | 14-09-2013 | 14-09- 2017 |
දීපිකා කේ. ගුණරත්න මිය | 17-09-2017 | 29-05-2018 |
නිරෝෂා එස්. ගමගේ මිය | 30-05-2018 |